ශ්‍රී ලංකා පරිපාලන ලේකම් විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන චින්තක එස්. ලොකුහෙට්ටි මහතා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අද (26දා) වැඩ භාරගෙන තිබේ.
එම අමාත්‍යාංශයේදී ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වෙත වැඩ භාරගත් ලිපිය බාර දීම මෙහිදී සිදු වී ඇත.
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ ලොකුහෙට්ටි මහතා 1990 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වෙමින් හබරාදූව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. 1996 – 2000 වසරවලදී අක්මීමන, බෝපේ, පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කර තිබේ. හෙතෙම 2000 – 2001 වසරවලදී එක්සත් රාජධානියේදී පශ්චාත් උපාධිය ලබාගෙන ඇත.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන අභ්‍යාස ආයතනයේ ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කර ඉන් අනතුරුව පළාත් පරිවාස කොමසාරිස්, දකුණු පළාත් අමාත්‍යාංශ කිහිපයක ලේකම් ධුර දරා ඇත.
2016 වසරේදී මහා භාණ්ඩාගාරයේ අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් ඒ මහතා එම වසරේ සිට මේ වනතෙක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරීය.