2014 ජාත්‍යන්තර විශ්ව සමුළු ජංගම යෙදවුම් නිර්මාණ සම්මාන ප්රදානෝත්සවය සඳහා අයදුම් පත් බාර ගැනීම ලබන මස 5 වැනිදා දක්වා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
එම්-රාජ්‍ය පාලනය හා සහභාගිත්වය, එම්-පරිසරය හා සෞඛ්‍යය, එම්-ඉගෙනුම් හා අධ්‍යාපනය, එම්-විනෝදාංශ හා ජීවන රටාව, එම්-සංචාරය හා සංස්කෘතිය, එම්-මාධ්‍ය හා ප්රවෘත්ති, එම්-ව්‍යපාරික හා වාණිජ්‍ය, එම්-අන්තර්ග්රහනය හා බලගැන්වීම යන අංශයන් යටතේ මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකි බව නියෝජිතායතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
www.icta.lk/wsa වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011-2369099 දුරකථන අංකයට ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට හැකි බවද පවසයි.
ලබන වසරේ පෙබරවාරි මාසයේ අබුඩාබියේදී මෙම සම්මාන ප්රදානෝත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.
තොරතුරු තාක්ෂණ සමාජය පිළිබඳ ලෝක සමුළු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධව මෙය සංවිධානය කරනු ලබයි.