ජපානයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන, ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා මෙන්ම, එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිඨයේ පිඨාධිපතිවරයා වන මහාචාර්ය ටකටෝෂි ඉටෝ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.
මහාචාර්ය ටකටෝෂි ඉටෝ මහතා ඊයේ (30දා) ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.
මෙම හමුව මුදල් අමාත්‍යාංශයේදී සිදුවූ අතර, මෙහිදී ආර්ථික හා අධ්‍යාපන අංශ පිළිබඳව දෙදෙනා අතර අදහස් හුවමාරු විය.මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබු හිටෝ හොබො මහතාද සහභාගි විය.