අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදයකට එළැඹීමට පෙර ද්වීපාර්ශ්වික වෙළෙඳ සහයෝගීතාව පිළිබඳ වැදගත් කරුණු ගෙනහැර දැක්වෙන හමුවක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා ජපානයේ ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නොරිහිකෝ ඉශිගුරෝ මහතා අතර සිදුවිය.
එහිදී, මෙවැනි සාකච්ඡා වට ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ද්වීපාර්ශ්වික වෙළෙඳ සහයෝගීතාවක් සඳහා ප්රාරම්භක සාකච්ඡා වටයක් පැවැත්වීමට නුදුරේදීම ජපාන දූත පිරිසක් ශ්‍රී ලංකාව වෙත යැවීමට ජපානයේ ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය එකඟත්වය පළ කර තිබේ.