ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයෝෂි අකබා මහතා ඊයේ (28දා) පස්වරුවේ අරලියගහ මන්දිිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
දෙරටේ ආර්ථික සහ වෙළෙඳ සබඳතා වැඩි දියුණු කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතා සමග නිලධාරීන් පිරිසක්ද, විදේශ අමාත්‍යාංශ ලේකම් ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.