ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ජනාධිපතිවරයාට අයත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සංවිධානය කරනලද රුක්රෝපණ වැඩසටහනක් පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
එහිදී, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නා පැළයක් රෝපණය කරමින් මෙම අවස්ථාව සැමරූ අතර, ඊට අමාත්‍යාංශය හා සම්බන්ධ රාජ්‍ය ආයතන රැසක උසස් නිලධාරීන් සහභාගී වූහ.