වත්මන් රජයේ අවශ්‍යතාව ජනතාවට ස්වශක්තියෙන් නැගී සිටින්නට හැකි ආර්ථිකයක් මෙන්ම, සහනාධාර නොව දැනුවත්භාවය තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත හැකි වටපිටාවක් නිර්මාණය කරදීම බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පසුගිය 06 පැවති උත්සයකට සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
"ගෙවී ගිය වසර 70ක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය රටට ලබාදුන් දායාද තවදුරටත් රටේ සෑම කොනකටම රැගෙන යාම අපේ අවශ්‍යතාව වී තිබෙනවා. එහිදී, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව වන්නේ ජනතාව සමග පෙරට ගමන් කිරීමයි.
ඒ අනුව, මේ අවස්ථාවේදී අපට අවශ්‍ය වන්නේ ජනතාවගේ සිතුම් පැතුම් අනුව කටයුතු කිරීම මිස ඔවුන්ට ඉදිරියෙන් හෝ පිටුපසින් ගමන් කිරීම නෙවෙයි. අපට අවශ්‍ය වන්නේ ජනතාවට ස්වශක්තියෙන් නැගී සිටින්නට හැකි ආර්ථිකයක්. අපට අවශ්‍ය වන්නේ ණය නොවෙයි, ආයෝජනයි. අපට අවශ්‍ය වන්නේ සහනාධාර නොවෙයි, දැනුවත්භාවය තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත හැකි වටපිටාවක් නිර්මාණය කරදීමයි. අපි එකට වැඩ කරමු. එක්සත් ජාතික පක්ෂය අවුරුදු 70ක් කළ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කර රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කරමු" යනුවෙන් පවසා සිටියේය.
ප්‍රදේශයේ ආගමික ස්ථාන සංවර්ධනය සඳහා මූල්‍යාධාර සහ පාසල් වෙත ජල පෙරණ කට්ටල ලබාදීමේ උත්සවයක් මෙහිදී පැවැත්විණි.