ශ්‍රී ලංකා - චීන ව්‍යාපාර කවුන්සලය විසින් චීන මහජන සමූහාණ්ඩුවේ ෂැන්ඩොන්ග් පළාත නියෝජනය කරමින් මෙරටට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් සමග සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි.
පසුගිය 27 වැනි දින මෙරටට පැමිණි ඔවුන් පසුගිය මාසය තුළ පමණක් චීනයෙන් මෙරටට පැමිණි තෙවැනි ව්‍යාපාරික කණ්ඩායම බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසයි. එමෙන්ම, මාර්තු 24 වැනි දින චීන පැසිෆික් ආර්ථික සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී සමුළුව හා 26 වැනි දින ෂෙන්යැන්ග් පළාත නියෝජනය කරන ව්‍යාපාරික පිරිස් දිවයිනට පැමිණයහ.