ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසකට ගොවිජන සංවර්ධන නිලධාරීන් ලෙස උසස්වීම් ලබාදීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගියදා එම අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
මෙහිදී කෘෂිකාර්මික පර්යේෂණ නිෂ්පාදන සහකාර, කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සහකාර, ගොවි බැංකු ව්‍යෘපෘති සහකාර, සංවර්ධන සහකාර මධ්‍යස්ථාන ලිපිකරු ලෙස සේවය කල අය තරග විභාගයකින් පසු මෙසේ උසස්වීම් ලබාගන්නා ලදී.
වසර 1957 ඔක්තෝබර් මස ඇරඹුණු ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන 557ක ගොවිජන සේවා නිලධාරීන් 375 දෙනෙකු සේවය කරනු ලබයි.
ගොවිජන සේවා මධ්‍යස්ථාන යටතේ ක්‍රියාත්මක වන ගොවිජන පනතට අදාල ක්‍රියාකාරකම්, ගොවින් ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණය, පුරං කුඹුරු අස්වැද්දීම, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම වැනි වැඩසටහන් මෙම ගොවිජන සේවා නිලධාරීන් විසින් සිදුකරනු ලැබේ. දැනට ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සේවක පිරිස 12,000කට ආසන්නය.
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, ගොවිජන සේවා කොමසාරිස් සුනිල් වීරසිංහ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රියත්න මායාදුන්නේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කොමසාරිස් තරුණි ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.