ශ්‍රී ලංකාවෙන් දුප්පත්කම අඩුවීමේ ප්රවනතාවක් පසුගිය වසර 14 තුළදීම දක්නට ලැබුණු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
දරිද්‍රතා රේඛාව අනුව 2002 වර්ෂයේදී ජනගහන දරිද්‍රතා අනුපාතය 22.7%ක් වී තිබේ. 2016 වසරේදී එය 4.1%ක් දක්වා අඩුවී ඇත.
මෙසේ පසුගිය දශක කිහිපය තුළ ජාතික මට්ටමින් දුප්පත්කම අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළද, දුප්පත්භාවයේ අසමානතා තවමත් පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා නාගරික, ග්‍රාමීය, වතු යන අංශ මට්ටමින් දක්නට ලැබුණු බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
2016 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව එළිදක්වමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම කරුණු අනාවරණය කරයි.