ශ්‍රී ලංගන් ගුවන් නියමු වෘත්තීය සංගමයේ අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය හා ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ස්ථාවරය ඔවුන් නිවේදනය කර සිටියි.
-
ෆ්රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළේ මෑතකදී ඇතිවූ සිද්ධියට සමගාමීව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ((CAASL)විසින් ගුවන් නියමුවන් සඳහා නිරන්තරයෙන් අහඹු ලෙස සිදුකරන මත්ද්‍රව්‍ය පරික්ෂාව නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත. ගෝලීය ගුවන් ප්‍රවාහන සේවා ක්ෂේත්රය සඳහා මෙය අනිවාර්ය ක්‍රියාවලියක් වන අතර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) විසින් මීට අනුමැතිය ලබාදී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම පරීක්ෂණය සහතිකලත් ජර්මන් උපාංගයක් තුළින් පුහුණුව ලබාගත් කාර්ය මණ්ඩලයක් හරහා සිදුකරනු ලබයි. මෙය ශ්‍රී ලංකා ගුවන් නියමු වෘත්තීය සංගමයේ ( ALPG-SL ) විරුද්ධතා මත මීට පෙර තාවකාලිකව නවත්වා තිබුනි.
-
අගෝස්තු මස 27/28 දිනයන් හි රාත්‍රියේ UL 402 ගුවන් යානයේ ගුවන් නියමු කාර්ය මණ්ඩලය අහඹු ලෙස මෙම පරික්ෂාව සඳහා තෝරාගෙන ඇත. මෙම ගුවන් යානයේ කපිතාන් ලෙස කටයුතු කළ චෝදනාවට ලක් වූ ගුවන් නියමු කපිතාන් ජයසේකර මහතා මෙම මත්ද්‍රව්‍ය පරික්ෂාව සිදුකිරීම ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.
-
මෙම පරික්ෂාව සිදුකිරිම ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් (CAASL පැනවූ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් හා සමාන වේ. ඒ හේතුවෙන් ගුවන් සමාගම් විධිවිධාන යටතේ ඔහු ඒ අවස්ථාවේ දී එම රාජකාරියෙන් ඉවත් කර වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා සේවය අත්හිටුවා ඇත.
-
මෙම සිද්ධිය සම්බන්ධව සිදුකළ පරීක්ෂණය ඇතුළුව එම පරීක්ෂණ සිදුකළ නිලධාරීන්ගෙන් ලබාගත් විස්තරාත්මක ප්‍රකාශයන් අද දින අවසන් කර ආයතනික විධිවිධාන වලට අනුව ගුවන් සමාගමේ මානව සම්පත් අංශය වෙත යොමු කිරීමට නියමිත වේ.
-
මේවනවිටගුවන්නියමුසංගමයවිසින් (ALPG-SL) අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා යොමුව ඇත්තේ නැවත කපිතාන් ජයසේකර සේවය සඳහා අනුයුක්ත කරගන්නා ලෙස ඉල්ලීමෙනි. මෙය ආයතනික විධිවිධාන සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ රෙගුලාසි වලට පටහැනි හෙයින් එය සිදුකිරීම අප විසින් ප්‍රතික්ෂේප කර ඇත. ස්වාධීන පරීක්ෂක නිලධාරියෙකු විසින් පවත්වන විනය පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් කර සම්පූර්ණ වන තෙක් මොහුගේ සේවය අත්හිටුවීමට ගුවන් සමාගම කටයුතු කර ඇත. මෙම පරීක්ෂණය සැප්තැම්බර් මස 27 වැනි දින වන විට අවසන් වීමට නියමිතයි.
-
මෙම “අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය”නිසා ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් ගමන් සඳහා බාධා ඇති වීමේ අවදානමක් ඇත.
-
විවිධ ගුවන් නියමුවන් ආයතනය සඳහා මේ අවස්ථාවේ දී සහය වීමට ඉදිරිපත් වී ඇත. මෙම “අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය”ඒ සඳහාම අරමුණු වූ කුඩා කණ්ඩායමකින් යුත් පුද්ගලයින්ගේ වගකීම් රහිත ක්‍රියාවක් ලෙස දිස්වේ.