ගමින් ගමට දොරින් දොරට මාතරට රු මිලියන 650ක්
- 14 06 2015
- 20:37
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
'ගමින් ගමට දොරින් දොරට' ගම් නගා සිටුවීමේ රජයේ වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරි වසමකට රුපියල් මිලියනය බැගින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 හි ග්‍රාම නිලධාරී වසම් 650 සඳහා රු.මිලියන 650 ක ප්‍රතිපාදන වෙන්කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි, මේ වනවිට ග්‍රාම නිලධාරී වසම් 646 කින් වැඩ යෝජනා ලැබී ඇත. ඒ අනුව වැඩ යෝජනා 1066 ක් අනුමත කර ඇති අතර වැඩ යෝජනා 180 ක් සඳහා ඇස්තමේන්තු ද සකස් කර තිබේ. අනුමත වැඩ යෝජනා වෙනුවෙන් රු.මිලියන 646 ක් වෙන් කර ඇති බව මාතර දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ විදුර ප්‍රසන්න මහතා පවසයි.
2015 දෙසැම්බර් මස 31 දිනට පෙර සියලූ ව්‍යාපෘති ක්‍රියාත්මක කර වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
