ගඟ සිරිපුර නවෝදය යටතේ සැලසුම් කරනලද ගම්පොළ නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු වැනි අදියර පසුගියදා පවත්වා තිබුණි.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ සංකල්පය හා මෙහෙයවීමෙන් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතියේ පළමු වැනි අදියර ගම්පොළ දුම්රිය පරිශ්‍රයේදී පවත්වා තිබුණේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ රු.මිලියන 192 ක ප්රතිපාදනයෙන් යෝජිත නව සාප්පු සංකීර්ණය හා දුම්රිය ස්ථානය, ලංගම ඩිපෝ සංකීර්ණය හා පෞද්ගලික බස් නැවතුම් පොළ, හරිත ඇවිදින මං තීරු ව්‍යාපෘතිය ආදිය මෙම පළමු අදියරට අයත් වෙයි. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක හේරත් යන මහත්වරුන් මෙන්ම, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ගම්පොළ දේශපාලන අධිකාරිය සහභාගී වී තිබුණි.