ගංවතුර හේතුවෙන් විනාශ වූ මාර්ග සහ පාලම් ඉදිකිරීම සඳහා කිසිදු මහජන මුදලක් වැය නොකරන බවත්, එම ඉදිකිරීම් කටයුතු සඳහා ඒවා ඉදිකළ සමාගම්වලටම පවරා ඇති බවත් මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසා සිටියේය.
ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.
මහජන මුදල් කිසිදු ආකාරයකින් නාස්ති කිරීමට රජය කටයුතු කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා විශාල ගංවතුර පැමිණි විට මහාමාර්ග පමණක් නොව පාලම් පවා විනාශ වන බවත් ඒවා ඉදිකිරීම සඳහා නැවත ඒ ඒ සමාගම්වලට පවරා ඇති බවත් සඳහන් කළේය.