කොළඹ කොටස් වෙළෙඳ පොළ 2013 වසරේදී සියලු කොටස් මිල දර්ශක අගයෙහි 4.78% ක හා S&P ශ්‍රී ලංකා 20 දර්ශකයෙහි 5.79% ක ධනාත්මක වර්ධනයක් සනිටුහන් කරමින් වඩාත් ආකර්ෂණීය ආයෝජන මාවතකට අවතීරණ වෙමින් කලාපයේ හොඳම ක්‍රියාකාරීත්වය සනිටුහන් කර ඇත. පෙර වසර දෙක හා සංසන්ධනය කිරීමේදී මෙය සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් ලෙස හැඳින්වීමට හැකිවන්නේ 2012 හා 2011 යන වසරවල එහි වර්ධනය පිළිවෙළින් -7.1% ක් හා -8.5% ක් ලෙස සටහන් වූ බැවිනි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ධනාත්මක වාතාවරණය කලාපය තුළ ඉතා හොඳ මට්ටමේ කොටස් වෙළෙඳ පොළවල් වන සිංගප්පූරු කොටස් වෙළෙඳ පොළ (0.01% ), බොම්බායි (මුම්බායි) කොටස් වෙළෙඳ පොළ (3.3% ) හා හොංකොං (2.9% ) කොටස් වෙළෙඳ පොළ අභිභවා ක්රියාකාරීත්වයක් පෙන්වීමට තරම් දායකත්වයක් දක්වා තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මත බැංකු පොලී අනුපාත පහළ හෙලීම සිදු කෙරිණි. ඒ අනුව, 2012 දෙසැම්බර් 31 වැනි දිනට 13.21 ක් වූ සාමාන්‍ය බර තැබූ ස්ථාවර තැන්පතු අනුපාතය 2013 නොවැම්බර් 29 වැනි දින වනවිට 11.96 ක් දක්වා අඩු වී තිබිණි.
කොටස් කිහිපයක් අතර තම ආයෝජන ඉතාම හොඳින් විවිධාංගීකරණය කරන ලද ආයෝජකයන්ට පසුගිය වසර තුළදී ඉතාම ඉහළ ලාභයක් උපයාගැනීමට හැකිවන ආකාරයට ඇතැම් කොටස්වල මිල ගණන් ඉහළ ගොස් තිබිණි. 2013 වසරේදී සමාගම් 57ක කොටස් 15% කට ඉහළ මට්ටමක ලාභයක් අත්පත් කරදී තිබිණි. මින් සමාගම් 26ක් 30% කටත් ඉහළ ප්රතිලාභ ලබාදී තිබූ අතර සමාගම් 31 ක් 15% - 30% ත් අතර ප්රතිලාභ ලබාදීමට සමත්ව ඇත.
2013 වසරේදී කොටස් වෙළෙඳ පොළ හරහා රැස්කරගත් මුළු ප්රාග්ධනය රු.බිලියන 119.4ක් වූ අතර, ඉන් රු.බිලියන 68.3 ක්ම රැස්කරගනු ලැබුවේ සාංගමික ණයකර නිකුත් කිරීම තුළිනි. රුස්කරගත් මුළු ප්රාග්ධනය ලෙස 2012 වසරේදී වාර්තා වූයේ රු.බිලියන 29.08 ක් ලෙසිනි.