ජ්‍යෙෂ්ඨ උපදේෂක ඩොන්ග්සූ චින් මහතාගේ ප්‍රධනාත්වයෙන් යුතු කොරියානු දැනුම් හුවමාරු කරගැනීමේ වැඩසටහන් (KSP) කණ්ඩායමක් මෙරට වැඩමුළු කිහිපයක් වෙනුවෙන් පසුගියදා දිවයිනට පැමිණියේය.
දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කළ ඔවුන් ආහාර කර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව, සෘජු විදේශ ආයෝජන සහ තාක්ෂණ ව්‍යවසාය යන මාතෘකා යටතේ එම වැඩමුළු පැවැත්වා තිබේ.
එහිදී ශ්‍රී ලංකාවේ රජයේ, සංවර්ධන ආයතන හා විද්‍යායතන මූලික කරගනිමින් නිලධාරීන් 70ක් පමණ මෙම වැඩමුළුවලට සහභාගි වෙමින් කොරියානු නියෝජිත පිරිස සමග දැනුම හුවමාරු කරගත් බව කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.