කොළඹ කොටස් වෙළෙඳ පොළ විසින් සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳ පොළ හඳුන්වාදීමේ වැඩසටහන් පෙළක් අනුරාධපුර, කුරුණෑගල, කොළඹ, අම්බලන්තොට, රත්නපුර සහ මහනුවර යන ශාඛාවන්හිදී ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව කොළඹ ශාඛාව මගින් සංවිධානය කරන වැඩසටහන අද (25දා) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කොළඹ කොටස් හුවමාරු ශ්‍රවණාගාරයේදී ප.ව. 5.30 - 7.30 ත් අතර පැවැත්වෙන බව කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.
මීට අමතරව, හෙට (26 දා) රත්නපුර ශාඛාව මගින් සංවිධානය කරන වැඩසටහන එම ශ්‍රවනාගාරයේදී ප.ව. 2.00 සිට 4.00 දක්වා පැවැත්වීමට නියමිතය. මහනුවර වැඩසටහන 27දා එම ශාඛා ශ්‍රවනාගාරයේදී ප.ව.2.30 සිට 4.30 දක්වා සංවිධානය වන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
මෙම වැඩසටහන් පෙළෙහි අවසන් වැඩසටහන ලෙස ලබන 30 වැනිදා අම්බලන්තොටදී පැවැත්වෙන වැඩසටහන එම ශාඛා ශ්‍රවනාගාරයේදී ප.ව.3.00 - 4.00 ත් අතර කාලයේදී සංවිධානය කර තිබේ.