කොටස් වෙළෙඳ පොළ අම්බලන්තොට නගරයට
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි නවතම ශාඛාව අම්බලන්තොට නගරයේදී පසුගිය 14 වැනිදා විවෘත කෙරිණි. අංක 52, හම්බන්තොට පාර, අම්බලන්තොට යන ස්ථානයෙහි විවෘත කරනලද මෙම ශාඛාව තුලින් ප්‍රාදේශයේ මහජනයා වෙත ආයෝජන අවස්ථා පිළිබඳව අධ්‍යයනයට අවකාශය සලසා ඇති අතර, පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිත බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
මේ ආකාරයට අම්බලන්තොට ශාඛාව තුළින් හම්බන්තොට, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්ක තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු කර ඇත.
නව ශාඛාව පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සභාපති වජිර කුලතිලක මහතා පවසා සිටියේ මෙවැනි නව ශාඛා තුළින් රට වටා සිටින ආයෝජකයන් වෙත කොටස් සහ ණයකර පිළිබඳව දැනුම වැඩිදියුණු කිරීම සඳහා අවකාශය ලැබෙන බවද ඔවුහු පවසති. තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි වර්ධනයට සරිලන ආකාරයට ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳ පොළ ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් ලයිස්තුගත සමාගම්වලට හා ආයෝජකයන්ට හමුවීම සඳහා අවශ්‍ය පාරදෘශ්‍ය හා විධිමත් පරිසරය සකස් කෙරෙන බවද ඔවුහු පෙන්වා දෙති. සාමාජික ආයතන 15කින් හා ගනුදෙනු කරන සාමාජික ආයතන 20කින් සමන්විත මෙය ශ්‍රී ලංකාවේ නෛතික රාමුවට අදාළව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබෙන අතර, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් අධිකාරිය ලබා තිබේ. මෙම සියලුම සාමාජික ආයතන හා ගනුදෙනු කරන සාමාජික ආයතන කොටස් තැරැව්කරුවන් ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් බලපත්‍ර ලබාගත යුතු බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

