රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රාජකාරීන්වල නියුතු නිලධාරීන්ට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළේ දෙවැනි අදියර යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන් 600කට යතුරුපැදි බෙදාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2014 අයවැය යෝජනා යටතේ මෙම යතුරුපැදි බෙදාදීම සිදුකෙරෙන අතර, ග්‍රාම නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා හා ක්‍රීඩා නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සියලු ක්ෂේත්‍ර නිලධාරීන් වෙත මෙම යතුරුපැදි හිමි වන බව පැවසෙයි.
දැනට යතුරුපැදි ලක්ෂයක් ගෙනැවිත් තිබෙන බවත්, එම යතුරුපැදි බෙදා අවසන් කළ පසු ඉතුරු පිරිසටත් යතුරුපැදි ලබාදීමට පියවර ගන්නා බවත් මෙහිදී ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම, රටේ ආර්ථිකයට හා සංවර්ධනයට වැදගත් දායකත්වයක් දක්වන රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය සෑම විටම කටයුතු කළේ රාජ්‍ය සේවාවේ වැදගත්කම හඳුනාගත් නිසා බවත් ජනාධිපතිවරයා පැවසීය.