රජයේ නව දැක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ජාතික තලයට ඔසවා තැබීම බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය පිළිබඳ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසා සිටියේය.
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ ශාඛා 08 හරහා ණය මුදල් ලබාගෙන සාර්ථක වූ සුළු, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යවසායකයන් අගයමින් පසුගියදා කොළඹදී පැවති සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.
මෙවැනි ඇගයීම් උලෙළවල් මගින් ව්‍යවසායකයන් දිරිමත් වන බවත්, මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව ලංකාපුත්‍ර සංවර්ධන බැංකු සභාපති ඇතුළු කාර්ය මණ්ඩලය ස්තුතිය පුද කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.