ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්රය සංවර්ධන කිරීම සඳහා සිය පූර්ණ සහය දක්වන බව ලොව ප්‍රමුඛතම කිරි නිෂ්පාදන රටක් වන නවසීලන්ත රජය පවසයි. ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ග්රැහැම් මෝටර්න් මහතා පවසන්නේ මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණය, දැනුම සේම ප්‍රතිපාදන ලබාදීමටද සිය රට අපේක්ෂා කරන බවයි. මහ කොමසාරිස්වරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගිය 19ද මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකදීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට නියමිත නවසීලන්න සංචාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව මුදල් අමාත්‍යාංශය කියයි.