ගම්පහ දිස්ත්රික්කයේ 2014 වසරේ එළකිරි නිෂ්පාදන ඉලක්කය ලීටර් 16,479ක් බවත්, පසුගිය මාර්තු මාසය වනවිට කිරි නිෂ්පාදනය ලීටර් 3,669ක ඉලක්කය සපුරාගෙන තිබේ.
නව කිරි ගොවිපළ ඇති කිරීමේ වැඩසටහන යටතේ 2014 වසරේ දී ගොවිපළ 197ක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති අතර පසුගිය මාර්තු අවසන් වනවිට ගොවිපළ 32ක් සාර්ථක ලෙස ආරම්භ කොට ඇත.
ගම්පහ එළකිරි මගින් අතුරු නිෂ්පාදන කිරීමේ ඉලක්කය යටතේ යෝගට් නිෂ්පාදනය බඳුන් 1,000සේ පැකට් 40,106ක් බව කියැවෙයි. එමෙන්ම, මුදවපු කිරි බඳුන් 1,000සේ පැකට් 1,184කි. දියරකිරි නිෂ්පාදනයේ ඉලක්කය බැරල් 510කි. මෙම සියලු නිෂ්පාදනයන්හි සැලකිය යුතු මට්ටමේ ප්රගතියක් සිදු වී ඇති බව පසුගියදා දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවැති කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අනාවරණය විය.
මීට අමතරව ගම්පහ දිස්ත්රික්කයේ ගොවීන් සඳහා කිරි නිෂ්පාදනය ආශ්රිත සත්ත්ව පාලනය පිළිබඳව පුහුණු වැඩසටහන්ද ක්රියාත්මක බව එහිදී කියවුණි.