සියලු පළාත් පාලන ආයතනවල කැළිකසල කළමණාකරණයට කඩිනම් වැඩපිළිවෙළක් ගෙනඑන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ අනුරාධ ජයරත්න මහතා පවසා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා සක්‍රීය නායකත්වය ලබාදෙන බවත්, මේ තුළින් නිසි අධීක්ෂණයක් යටතේ විසඳුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ය.
මහනුවර දිස්ත්‍රිකයේ පළාත් පාලන ආයතන 22 ක කැළිකසල කළමණාකරණය පිළිබඳව එහි නියෝජිතයන් දැනුවත් කොට අදහස් ලබාගැනීම වෙනුවෙන් පසුගිය 08 වැනිදා කටුගස්තොට, නවයාලතැන්න, පළාත් පාලන පුහුණු ආයතනයේදී පැවැති හමුවකදී ඒ මහතා මෙසේ පවසා ප්‍රකාශ කළේය.
ඝන අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා වූ නව වැඩපිළිවෙළ යටතේ ප්‍රථමයෙන් එක් ආයතනයකට රු.මිලියන 02ක මුදලක් ලබාදෙන අතර අවශ්‍ය උපකරණ හා සෙසු පහසුකම්ද ලබාදීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පවසා තිබේ.