කැනඩා ලංකා ව්යාපාරික මණ්ඩලයෙ 23 වැනි වාර්ෂික රැස්වීම කැනඩා මහ කොමසාරිස් ෂෙලී විටින්ග් මහත්මියගේ ප්රධානත්වයෙන් කැනඩා මහ කොමසාරිස් නිල නිවසේදී පසුගියදා පැවැත්විණි.
කැනඩා මහ කොමසාරිස් ෂෙලී විටින්ග්, කැනඩා ලංකා ව්යාපාරික මණ්ඩලයේ සභාපති සම්පත් ලියනගේ, කැනඩා අපනයන ආයතනයේ බටහිර හා දකුණු ඉන්දියානු කලාපීය කළමනාකරු සන්දීප් භට්, මහාචාර්ය රොහාන් සමරජීව යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට සහභාගි වූහ.