ජීනිවා හි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ (අයිටීසී) “කාන්තාවන් සඳහා වෙළඳාම” සහ “කාන්තාවන් ආර්ථික සවිබල ගැන්වීම” යන ව්‍යපෘති පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳ පොළේදී සීනුව නාද කිරීමේ උත්සවයක් අද (13දා) පවත්වයි.
මෙම උත්සවය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (අයිටීසී) සම සංවිධානයකත්වයෙන් ශ්‍රී ලංකාවේදී 2016 ඔක්තෝබර් 12 සහ 13 දිනවල බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පවත්වන ලෝක අපනයන සංවර්ධන සමුළුවට සමගාමීම පැවැත්වේ.
“කාන්තාවන් සඳහා වෙළඳාම” ව්‍යාපෘතිය 2015 වසරේදී, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ 5 වැනි ඉලක්කය වන සියලු කාන්තාවන් 2030 වසර වන විට සවිබල ගැන්වීමේ ඉලක්කය සපුරා ගැනීමේ අභිලාෂයෙන් 2020 වසර වනවිට කාන්තාවන් මිලියනයක් කාන්තා ව්‍යවසායකයන් වෙළෙඳ පොළට හඳුන්වා දීම දියත් කර ඇත.
කොළඹ කොටස් වෙළෙඳ පොළේදී පැවති මෙම උත්කර්ෂවත් අවස්ථාවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපනිනී සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත මහත්මිය, ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ (අයිටීසී) හි විධායක අධ්‍යක්ෂිකා අරංචා ගොන්සාලෙස් සහ කාන්තාවන්ගේ කර්මාන්ත හා වාණිජ මන්ඩලයේ සභාපතිනී රීෂා මුස්තාෆා මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සත්කාරකත්වය දරණ කොළඹ කොටස් වෙළෙඳ පොළේ සභාපති වජිර කුලතිලක මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.