කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීමේ ගිවිසුම අත්සන් කිරීම ඊයේ (12දා) මහවැලි අධිකාරී ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.
රු.මිලියන 15,000ක පමණ වියදමකින් ඉදිකෙරෙන මෙම ජලාශයෙන් හෙක්ටයාර 3,000කට වාරි ජලය සැපයෙන අතර මීටර් 719ක දිගින් සහ මීටර 28ක උසින් යුතු වේල්ලක් සහිතව ඉදිකෙරෙන මෙම ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් 3,319,000 ක් වේ.
වාරිමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම් අයිවන් ද සිල්වා මහතාද, ඉදිකිරීම් ආයතනය වෙනුවෙන් සයිනෝහයිඩ්‍රෝ ආයතනයේ සාමාන්‍ය අධිකාරී ෆූ ලින්හුවා යන මහත්වරුන්ද මෙම ගිවිසුමට අත්සන් කළ අතර, මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් ගාමිණී රාජකරුණා, සයිනෝහයිඩ්‍රෝ සමාගමේ නියෝජ්‍ය සභාපති යං ඊපිං යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ චීන සමාගමේ නිලධාරීන් සහභාගී වූහ.