වසර 20ක් වසා දමා තිබූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීමට සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා ඇති බව පවසයි.
ඒ අනුව, වසර 20ක් පුරා වසා දමා වල් බිහි වී තිබූ කන්තලේ සීනි කර්මාන්තායතනය ආරම්භ කිරිමේ උත්සවය සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ හා ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිත බවද කියයි.
මෙම කර්මාන්ත ශාලාව නැවත පණ ගැන්වීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ ගොවි පවුල් 25,000කට පමණ සෙත සැලසන අතර, සෙවණගල - පැල්වත්ත යන කර්මාන්ත ශාලා දැනට වර්ෂිකව නිෂ්පාදනය කරන 06% ක සීනි නිෂ්පාදනය 2020 පමණ වන විට 20% දක්වා වැඩි කිරීමට අමාත්‍යංශය බලා පොරොත්තු වන බව පවසයි.
මෙරටට අවශ්‍ය සීනි සඳහා වාර්ෂිකව 94% ක් ආනයනය කරන අතර, ඒ සඳහා වාර්ෂිකව රු.කෝටි 55,000 ක විදේශ විනිමයක් රජය වැය කරන අතර මෙයින් හරි අඩක් ඉතිරි කර ගැනීමට මෙමගින් බලාපොරොත්තු වන බවද පෙන්වා දෙයි.