ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ලබන නොවැම්බර් 02 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.
ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරෙන මොහොතේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ලැබීම තමන්ට සතුටට කරුණක් බවද මැල්කම් ටර්න්බුල් මහතා පවසා තිබේ.
එමෙන්ම, මෙම වසර මුලදී ශ්‍රී ලංකා ජනපති හා අගමැතිගේ ඔස්ට්‍රේලියා සංචාරවලදී ඔවුන් මුණගැසී සාකච්ඡා කිරීමට ලැබීමද තමන්ට සතුටක් බව හෙතෙම සඳහන් කර ඇත.
එමෙන්ම, දෙරට අතර ආර්ථික සබඳතාවය ශක්තිමත් කරගැනීම සඳහා සාකච්ඡා තවදුරටත් සිදුකරගෙන යාමට අපේක්ෂා කරන බවත්, විශේෂයෙන්ම පුද්ගල ජාවාරම් ඇතුළු අන්තර්ජාතික අපරාධ මර්දනය සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදත්කම සාකච්ඡා කිරීමට යන බවත් ටර්න්බුල් මහතා සඳහන් කර තිබේ.