ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ෆ්රැන්සස් ඇඩම්සන් සිය ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමාවට පත්කර තිබේ.
පසුගිය අගෝස්තු 31දා ශ්‍රී ලංකාවට පැමිණි ලේකම්වරිය, සැප්තැම්බර් 02දා දක්වා ශ්‍රී ලංකාවේ ගතකර ඇත.
ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය ජූලියා බිෂෝප් විසින් ජූලි මාසයේ සිදුකළ සංචාරය සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය ෆිඑරාවන්ටි වෙල්ස් විසින් අප්‍රේල් මාසයේ සිදුකළ සංචාරය මෙන්ම, ශ්‍රී ලංකා ජනාධිපති, අගමැති සහ සෙසු නියෝජිතයන් මෙම වසරේදී ඔස්ට්‍රේලියාවේ සිදුකළ සංචාරයන් අනුව යමින් ඇඩම්සන්ගේ මෙම සංචාරය සිදුව තිබේ.
ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඇඩම්සන් කොළඹදී පැවති 2වැනි ඉන්දීය සාගර කලාප සම්මන්ත්‍රණයටද සහභාගී වී ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමගද ඇය මෙම සංචාරය තුළ සාකච්ඡා කළ බව සඳහන් වෙයි.