කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන හෝ පවතින ව්‍යාපාරය සංවර්ධනය කරගැනීම හෝ වෙනත් ව්‍යාපර ක්ෂේත්රයක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන අය සඳහා ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ යටතේ, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ විසින් දැනගත යුතු කරුණු මොනවාද? ඒ සඳහා සහාය ලබාගන්නේ කෙසේද? කුමන ආයතනවලින්ද? ඔබේ නිෂ්පාදනය සඳහා ඇසුරුම් සහ ලේබල් කිරීම කෙසේ කළ යුතුද? එය වෙළෙඳ පොළේදී වැදගත් වන්නේ කෙසේද? ඔබ දේශීය වෙළෙඳ පොළ ජයගන්නේ කෙසේද? ඔබේ ව්‍යාපාරයට පරිසර බලපත්‍රයක් අවශ්‍යද? එය ලබාගන්නේ කෙසේද? දේශීය වෙළෙඳ පොළෙන් ඔබ්බට විදේශීය වෙළෙඳ පොළ ජයගන්නේ කෙසේද? ඔබේ ව්‍යාපාරයට මූල්‍ය ආයතනවලින් ලබාදෙන සහාය කුමක්ද? එම මූල්‍ය සහනයන් ලබාගන්නේ කෙසේද? ව්‍යාපාරක් ආරම්භයේ සිටම දැනගත යුතු බදු නීතිරීති මොනවාද? ඇතුළු ව්‍යාපාරික තොරතුරු පිළිබඳව මෙහිදී දැනුම්වත් කිරීමට නියමිතය.
මෙම එක් දින සම්මන්ත්‍රණය සිංහල මාධ්‍යයෙන් 2015 ජූලි මාසයේදී නොමිලයේ පැවැත්වීමට කටයුතු සලසා ඇති අතර, ඒ සඳහා ලියාපදිංචි වීමට කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවැනි මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 011-2815009, යන දුරකථන අංකයට ඇමතීමෙන් හෝ [email protected] වෙත ඊමේල් පණිවිඩයක් එවීම මගින් තොරතුරු ලබාගත හැකි බවද පෙන්වා දෙයි.