එළවළු සහ පලතුරු අපනයනයෙන් 2014 වසරේදී ශ්‍රී ලංකාව උපයා ගත් ආදායම පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය විසින් %පලතුරු සහ එළවළු ක්ෂේත්රයේ සංඛ්‍යාත්මක විශ්ලේෂණය 2014^ මැයෙන් සිදුකළ අධ්‍යයනයක් මගින් මේ කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව, පසුගිය වසරේදී පළතුරු අපනයනයෙන් ලැබූ ආදායම 51෴ කින් වර්ධනය වී තිබෙන අතර, එළවළු අපනයෙන් ලැබූ ආදායම 25෴ කින් ඉහළ ගොස් තිබේ.
මෙහිදී පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ පලතුරු අපනයනය කරන රටවල් ලෙස එක්සත් අරාබි එමීරය, සෞදි අරාබිය, කටාරය, මාලදිවයින සහ ජර්මනිය හඳුනාගත හැකි වූ බවද එම මණ්ඩලය සිය වාර්තාව හරහා පවසයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ එළවළු අපනයනය කෙරෙන ප්‍රධාන රටවල් අතර මාලදිවයින, එක්සත් අරාබි එමීරය සහ බ්‍රිතාන්‍ය පවතී.