උතුරු පළාත් හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ මඟපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, තල් සංවර්ධන මණ්ඩලය යන ආයතනවල ක්‍රියාකාරීත්වය තුලින් උතුරු පළාතේ විශාල දියුණුවක් ලබමින් පවතින බව එම අමාත්‍යාංශය පවසයි. මේ තුලින් උතුරු පළාතේ ජනතාවගේ ජීවන මට්ටම ඉහල තත්ත්වයකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.
පසුගිය යුද්ධයෙන් පසු කඩා වැටී තිබූ උතුරු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන් අමාත්‍යවරයාගේ විශේෂ උනන්දුව මත දැන් නැවතත් සංවර්ධනය වෙමින් පවතින අතර මේ සඳහා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සමිති සමාගම් රැසක්ද බිහිවෙමින් පවතී. ඒ අනුව දැනට ක්‍රියාකාරී සමිතියක් වන උතුරු පළාතේ අත්කම් භාණ්ඩ සංවර්ධන සමිතිය වෙත අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් රුපියල් ලක්ෂ 2කක ආධාර මුදලක් ලබා දෙන ලදී. මෙම අවස්ථාවේදී එම සමිතියේ නිලධාරීන් ඇමතූ අමාත්‍යතුමා, දැනට මෙම සමිතියේ සංවර්ධනය සඳහා මෙම මුදල ලබාදෙන බවත්, ඉදරියේදී සමිතිය විසින් ක්‍රියාත්මක කරන සැළසුම් අනුව අවශ්‍ය ආධාර ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.