උතුරු සහ නැගෙහිර පළාත් පාලන ආයතන 79 ක් පුර නැගුම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට රු.මිලියන 10,750ක් වෙන්කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ ගම සංවර්ධනය කර රට සංවර්ධනය කිරීම සඳහා සෑම දෙනාම එක්විය යුතු බවය.
උතුරු සහ නැගෙහිර පළාත් පාලන ආයතන 79ක පුර නැගුම ව්‍යාපෘතියේ දෙවැනි අධියර යටතේ ප්‍රතිපාදන වෙන්කිරීම සහ දෙවැනි අධියර කටයුතු ආරම්භ කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙසේ අදහස් පැවසීය.
මේ සඳහා ඇ.ඩො.මිලියන 86ක් වැය වන අතර ඉන් ඇ.ඩො.මිලියන 50ක් අන්තර් ජාතික සංවර්ධන ඒජන්සියේ ණයක් ලෙස ලෝක බැංකුව හරහා ලබාදෙන බවත්, ඇ.ඩො.මිලියන 18.8ක් ඔස්ටේ්රලියානු රජයේ ආධාරයක් ලෙස ලබාදෙන බවත් ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය මගින් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.