අනීකා විජේසූරිය අධ්යක්ෂ ධුරය දරණ සහ ඇගේ පියා නහිල් විජේසූරිය සභාපති ධුරය දරණ ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී (East West Properties PLC) සමාගමේ ඔවුන්ට අයත් කොටස් 88,349,867ක් (63.9%ක්) අද (17දා) කොටස් වෙළෙඳ පොළෙහි විකුණා දමා ඇත.
කොටසක් රු.12.40 බැගින් සිදු වූ මෙම ගනුදෙනුවෙන් වාර්තා වූ මුළු පිරිවැටුම පමණක් රු.බිලියනය ඉක්මවා (රු. 1,095,540,350.00ක්) ඇති බව කොටස් වෙළෙඳ පොළ දත්ත වර්තා කරයි.
බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් සාක්කිකාරියක වන අනිකා විජේසූරිය මහත්මිය, තමාට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් රට හැර ගොස් ඇති බවද අද (17දා) බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය විය.
අනිකා විජේසූරිය මහත්මිය ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්යක්ෂවරියක් වන අතර, එහි විශාලතම කොටස්කාර ලැයිස්තුවේ 14 වැනි ස්ථානයේ පසුවූවාය.