ඉන්දියානු රජයේ කෘෂි පර්යේෂණ කවුන්සිලයේ අනුග්‍රහයෙන් කෙන්යාවේ නයිරෝබ් නුවරදී පසුගියදා පැවැත්වුණු 5 වැනි ලෝක කෘෂි වනවගා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොල් සංවර්ධන හා ජනතාවතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහභාගී වූ අතර, එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂඩ් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
විශේෂයෙන් දෙරටේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය සහ පොල් වගා ක්ෂේත්රය සම්බන්ධයෙන් මෙහිදී ද්විපාර්ශවික සාකච්ඡා ඇති විය.