ඉන්දියානු සාගර කලාපීය ටූනා කොමිසමේ 18 වන සැසිවාරයේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01දා) කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉන්දියානු සාගර කලාපීය ටූනා කොමිසම අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර, එය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 105 වන සමුළුවේදී ස්ථාපනය කරනු ලැබූ 14 වැනි වගන්තිය යටතේ 1993 වසරේ නොවැම්බර් 25 වැනි දින පිහිටුවා ඇත.
ඊයේ (01දා) සිට 5 වැනිදා දක්වා දින 5 ක් මෙම සමුළුව පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති අතර, සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙයයි.
මෙම අවස්ථාවට ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, විදේශ කටයුතු අමාත්‍ය ජී.ඇල්. පීරිස්, ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, මාලදිවයින් ධීවර හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය සහා වහීඩ් මහත්මිය, ඉන්දියානු සාගර කලාපීය ටූනා කොමිසමේ සභාපති ධරෝමලිංගම් මව්රී, ටූනා කොමිසමේ විධායක ලේකම් රොන්ඩල්ෆ් පයට්, සාමාජික රටවල ධීවර අංශයේ රාජ්‍ය ආයතනයන්හිනියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.