දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සිය සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
පසුගිය 31 වැනිදාස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරිය පිළිගැනීම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිංග් සන්ධු මහතා ද එක්ව ඇති අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍යවරිය කොළඹදී පැවති ඉන්දීය සාගර කලාප සම්මන්ත්‍රණයටද සහභාගී වී තිබේ.