ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු වැනි සහල් තොගය අද (10දා) කොළඹ වරායේ ගොඩ බෑමට නියමිතය.
මෙම සහල් තොගයට නාඩු සහල් මෙට්‍රික් ටොන් 12,500ක් වන අතර ආනයනය කිරීමට නියමිත සම්පූර්ණ තොගය නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 කි.
අද වරායට ළඟාවන සහල්, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) විසින් ලබාගනු ලබන අතර, ඉන්පසු කිලෝව රු.72/- ක බැගින් ලංකා සතොසට ලබාදෙනු ඇත. ඒ අනුව, කිලෝව රු.74/- ක් වැනි අඩු මුදලකට ලංකා සතොස මගින් ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කෙරෙනු ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙරට සහල් සැපයුම් සම්බන්ධව ඇති පීඩනයන් වැලැක්වීම සඳහා ජීවන වියදම් කමිටුවේ නිර්දේශ මත ඉන්දියාවෙන් මෙම නාඩු සහල් අඩු හා තරඟකාරී මිලකට රජය විසින් ලබාගෙන ඇති බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.