දකුණු ආසියාවේ ඇඟලුම් සහ රෙදිපිළි සම්බන්ධව කලාපයේ විශිෂ්ටතම තොරතුරු උල්පතක් බවට පත්වී ඇති %ඉන්ටෙක්ස් සවුත් ඒෂියා^ 2016 ප්‍රදර්ශනය සඳහා මේ වනවිටත් ලෝක අවධානය යොමුවී තිබේ.
පළමු වැනි අදියරේදී ලද අතිවිශාල සාර්ථකත්වය හේතුවෙන් %ඉන්ටෙක්ස් සවුත් ඒෂියා^ වෙළෙඳ ප්‍රදර්ශනය මේ වනවිට යළි කරළියට පැමිණ ඇති බවත්, එය මෙවර පැවැත්වෙන්නේ වෙළෙඳ ජාලයක් ඇතිකර ගැනීමටත්, සිය වෙළෙඳාම පුළුල් කරගැනීමටත්, ප්‍රදර්ශකයන්ට මෙන්ම ගැනුම්කරුවන්ටත් වැඩි ඉඩකඩක් ලබාදෙන මෙතෙක් පැවැති ප්රබලතම හා දැවැන්තම ප්‍රදර්ශනය ලෙස බවත් සංවිධායකයෝ පවසති.
ලොව පුරා නූල්, ඇඟලුම් රෙදි වර්ග, ඩෙනිම් සහ ඇඳුම් සඳහා වන වෙනත් ආයිත්තම් සපයනු ලබන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, චීනය, කොරියාව, තායිවානය, හොංකොං, ඉන්දුනීසියාව සහ එවැනි තවත් රටවල සැපයුම්කරුවන් 150කට අධික පිරිසක් එකට එක් කෙරෙන දකුණු ආසියාවේ ජාත්‍යන්තර මට්ටමේ එකම තොරතුරු බෙදාහදාගන්නා සහ මූලාශ්‍ර සපයනු ලබන ප්‍රදර්ශනය ලෙස ඉන්ටෙක්ස් සවුත් ඒෂියා ගෞරවයට පාත්‍ර වන බවද පෙන්වා දෙයි.
ඉන්ටෙක්ස් සවුත් ඒෂියා හි අවධානය දකුණු ආසියානු කලාපයට යොමුවී ඇත්තේ ලොව ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදනයේ චීනයට පමණක් දෙවැනි වෙමින් විශාලතම මධ්‍යස්ථානය බවට දකුණු ආසියානු කලාපය පත්වී ඇති බැවිනි. මෙවැනි මූලාශ්‍ර තොරතුරු බෙදාහදාගන්නා ප්‍රදර්ශනයකට මධ්යස්ථභාවයෙනුත්, ප්‍රවර්ධන සම්බන්ධතා අතිනුත් උපායශීලී ස්ථානයක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකාව කදිම තැනක් බවට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ වසරේදී ද ඉන්ටෙක්ස් සවුත් ඒෂියා ප්‍රදර්ශනය ඉන්දීය මහ කොමසාරිස්, අපනයනය සංවර්ධන දෙපාර්තුමේන්තුව, ඒකාබද්ධ ඇඟලුම් සංගම් හවුල සහ ශ්‍රී ලංකාවේ මෙන්ම, දකුණු ආසියා සහ සෙසු කලාපවල වෙළෙඳ සමාගම් ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.