ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු වානිජ මණ්ඩලය සහ ඇමෙරිකාවේ සිංගප්පූරු වානිජ මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ආයෝජන හා වෙළෙඳ සමුළුව සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, මෙම සමුළුවට සහභාගි වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහායෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (21දා) සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.
එහි පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය අමාත්‍ය අමුණුගම මහතා විසින් පැවැත්වීමට නියමිත අතර, මීට ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයන් හා සිංගප්පූරුවේ ඉහළ මට්ටමේ ආයෝජකයෝ සහභාගි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම සමුළුවෙන් පසු ශ්‍රී ලංකාවට වඩා ප්‍රතිඵලදායක වෙළෙඳ සහ නව ආයෝඡන අවස්ථාවන් ගලා එනු ඇතැයි සංවිධායයෝ බලාපොරොත්තු වෙති.