රටේ ජාතික ආර්ථීකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජාතික ආර්ථීක සභාව පළමු වරට අද (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ශාන්ත බණ්ඩාර සහ ජාතික ආර්ථීක සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහතවරුන් ඊට සහභාගී වූහ.