ශ්‍රී ලංකීය ජනතාවගේ යටිතල පහසුකම් වැඩි දියුණුකරමින් ජීවනෝපාය ශක්තිමත් කරමින් ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරන අතර තාක්ෂණික සහ විශේෂඥ දැනුම ලබාදීම සඳහා වඩාත් අවධානය යොමු කරන බව නෙදර්ලන්තයේ විදේශ වෙළෙඳ උප අමාත්‍ය සිමන් ස්මිස් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක යෙදෙන නෙදර්ලන්ත විදේශ උප අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේදී හමුවී පැවැත්වූ සාකච්ඡාවේදීය.
දිවයින පුරා ගමත්-නගරයත් යා කරමින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සංවර්ධනය ගොඩනගන ග්‍රාමීය පාලම් 1,210 වැඩසටහන යටතේ ඉදිවන ග්‍රාමීය පාලම් 467ක් ඉදිකිරීම සඳහා අවශ්‍ය වන සහාය ලබාදීමට මෙහිදී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබන ලදී.