ආයෝජන හා වෙළෙඳ කටයුතු පිළිබඳ ජපානය සමග සාකච්ඡා
ජපානය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවත්විණි.
ජපානයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සෙයිජිකිහාරා මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙම සාකච්ඡාව සිදුවිය.
ජපාන නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය 09 වැනිදා දිවයිනට පැමිණි අතර සංචාරය අතරතුරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද හමුවිය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුරදී ජපන් ආධාර යටතේ ඉදිවන ජාතික ලේ බැංකුව සහ කොළඹ ඩොක්යාඩ් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබොහිතෝ හොබෝ මහතා ඇතුළු ජපන් රජයේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
