මඩකලපුව දිස්ත්‍රික්කයේ නව ආයෝජන අවස්ථා හදුනාගැනීම, අපනයන දිරිගැන්වීම, නව ව්‍යවසායකයන් බිහිකිරීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ආයෝජන සමුළුව අද (26දා) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ මගපෙන්වීම යටතේ ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන බව එම අමාත්‍යාංශය පවසයි.
මෙම ආයෝජන හා අපනයන සමුළුව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යාංශය හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එකාබද්ධව සංවිධානය වන්නකි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ ආයෝජන ක්ෂේත්රයේ සම්බන්ධීකරණය හා පහසුකරණයට අදාළ රාජ්‍ය ආයතනවල නිළධාරීන්, ආයෝජකයන්, අපනයනකරුවන් සහ ව්‍යවසායකයන් රැසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.