ආයෝජන පරතරය වරාය සංවර්ධනයේදී ශ්‍රී ලංකාව ඇතුළුව ආසියානු රටවල් මුහුණදෙන ප්‍රධාන අභියෝගය බවත්, සැලසුම්වලදී ඇතිවන ප්‍රමාදයද වරාය සංවර්ධනයේදී මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන බවත් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ චීනයේ මැකෝවාහිදී පසුගිය 4 වැනිදා පැවැති 6 වැනි ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන සහ ඉදිකිරීම් සමුළුව අමතමිනි.
වරාය ආශ්රිත යටිතල පහසුකම් සංවර්ධනයේදී දකුණු ආසියානු කලාපයේදී ශ්‍රී ලංකාව වැදගත් භූමිකාවක් ඉටු කර තිබෙන බව අමාත්‍යවරයා එම සමුළුවේදී පෙන්වා දුන්නේය.
ප්‍රා‘දේශීය ආර්ථික අන්තර්ළැදියාව හරහා ජාත්‍යන්තර යටිතල පහසුකම් පිළිබඳ සම්මුතීන්හි නව සංවර්ධන යන තේමාව යටතේ එම සමුළුව පැවැත්වුණු අතර, රටවල් 40 ක නියෝජිතයෝ එම සමුළුවට සහභාගී වූහ.