ආයුර්වේදය මුල්කරගෙන ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා කටයුතු කරන බව ජපානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අරයි හිරෝයුකු මහතා ප්‍රකාශ කර තිබේ.
ආසියාවේ වෙනත් රටවල දක්නට නොලැබෙන සම්පත් රැසක් ශ්‍රී ලංකා තුළ දක්නට ලැබෙන බව පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්‍රමය ජපන් ජනතාව අතර ඉතා ජනප්‍රිය බවද කියා ඇත.
ඊයේ (05දා) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.