ප්‍රීමා සමාගම් සමූහයේ අනුබද්ධිත සමාගමත් වන ප්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් පෞද්ගලික සමාගම විසින් ඔවුන්ගේ අලෙවි කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමේ අරමුණින් 'ඔබේ අලෙවිය නිර්මාණ කරයි' යන තේමාව මත පදනම්ව Sales Force Automation (SFA) හඳුන්වා දී තිබේ. මයික්‍රොසොෆ්ට් ලංකා සමාගම සමග එක්ව හඳුන්වා දෙනු ලැබූ මෙම යෙදවුම වින්ඩෝස් ෆෝන් 8 මත පදනම්ව සැකසූ පළමුවැනි ආයතනික මට්ටමේ වැඩසටහන බවද සැලකෙයි.
මෙම මෘදුකාංගයේ බහුවිධ ලක්ෂණ අතුරින් භූගෝලීය තත්ත්වයේ බලපෑමකින් තොරව අලෙවි කාර්යමණ්ඩලය අධීක්ෂණය කිරීමේ පහසුව මෙන්ම සැකසුම් අනුක්‍රමණය, තොරතුරු හුවමාරුව, වට්ටෝරු නිරීක්ෂණය සහ පාලනය, අලෙවි පුරෝකතනය, සේවක මණ්ඩල කාර්ය දර්ශකය සහ පාරිභෝගික විනිශ්චයන් යනාදිය ඕනෑම ERP පද්ධතියක් සමග ඒකාබද්ධ කළ හැකිය. එසේම තරගකාරී නිෂ්පාදක හෝ හානිවූ භාණ්ඩවල ඡායාරූප රුගෙන ඒවා විශ්ලේෂණය සඳහා වූ යොමුකිරීමේ හැකියාව බෙදාහරින්නාට හෝ අලෙවි නියෝජිතයාට මෙමගින් ලබාදෙන බවද පැවසෙයි.