2016 වසර සඳහා වන අයවැය යෝජනාවලිය සකස් කිරීමේ අවසන් අදියරේ කටයුතු මේ දිනවල මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරයි.
ඒ අනුව, ලබන නොවැම්බර් 20දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එහි තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) පස්වරුවේ පැවැත්විණි.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, නියෝජ්‍ය ලේකම් එස්.ආර් ආටිගල, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.කේ සෙනෙවිරත්න, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.ආර් දේශප්‍රිය, මුදල් අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්යක්ෂ දිමුතු සමරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ ආදායම් බදු උපදේශක තනුජා පෙරේරා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.