අභ්‍යවකාශ තාක්ෂණයේ නියඟයන් අධ්‍යයනය කිරීම හා පුරෝකතනය කරන නියෝජිත රටවල වැඩමුළුව හෙට (ජූලි 01දා) ආරම්භ වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථීක හා සමාජ කොමිසම (UNESCAP) මගින් කලාපීය රටවල ධරණීය සංවර්ධනය සඳහා අභ්‍යවකාශ තාක්ෂණ භාවිතයන් යොදාගැනීමේ පස් අවුරුදු සැලැස්මක් (2012-2017) ක්‍රියාත්මක අතර, එහි ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ආයතනය ලෙස තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය කටයුතු කරයි.
මේ යටතේ චන්ද්‍රිකා තාක්ෂණයන් භාවිතයෙන් නියඟයන් අධ්‍යයනය කිරීම හා පුරෝකතන වැඩපිළිවෙල ක්‍රියාත්මක කලාපීය රටවල නියෝජිතයන් සඳහා වූ දෙදින වැඩමුළුව හෙට (01දා) සහ අනිද්දා (02දා) පැවැත්වෙනු ඇත.
මෙම කලාපීය රටවල නියෝජිත දෙවැනි වැඩමුළුව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එම අවස්ථාවට දෙස් විදෙස් නියෝජිතයන් ඇතුළු විද්වතුන් රැසක් සහභාගීවීමට නියමිතය.