පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කරන ඔක්තෝබර් මාසයේදී, පියයුරු පිළිකාවෙන් සුවය ලද කාන්තාවන් වෙනුවෙන් විශේෂ සායනික වැඩමුළුවක් 'අපේක්ෂාවක උදාවක්' යන මැයෙන් 2015 ඔක්තෝබර් 27 වැනිදා ලංකා හොස්පිට්ල්ස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට 'CAN‐SUR‐VIVE‐ TRUST' කටයුතු යොදා තිබුණි. පියයරු පිළිකා පිළිබඳව දැනුවත් කරන මේ ආකාරයේ වැඩමුළුවක් සඳහා ලංකා හොස්පිට්ල්ස් විසින් පහසුකම් සැපයූ ප්‍රථම අවස්ථාව මෙය බව පවසයි.
බොහෝ අවස්ථාවලදී පියයුරු පිළිකාවෙන් සුවය ලද කාන්තාවන්ට ලැබෙන උපදෙස් ප්‍රමාණවත් නොවන හෙයින් නොයෙකුත් අපහසුතා සහ ගැටලු මත ජීවත්වීමට ඔවුන්ට සිදුව ඇති බවත්, මේ නිසා, මෙම රෝගය නැවතත් උත්සන්න වූ අවාසනාවන්ත අවස්ථා වාර්තා වී ඇති බවත් පවසයි.
නොමිලේ පැවැත්වෙන මෙම සායනික වැඩමුළුව සඳහා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් සහ අනිකුත් වෘත්තීමය විශේෂඥයින් සහභාගී වූ අතර ලංකා හොස්පිට්ල්ස් පීඑල්සී හි, පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් මෙම වැඩමුළුවේදී පියයුරු පිළිකාවෙන් සුවය ලද කාන්තාවන්ගේ ජීවිතය සහ සමාජය තුළ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කළේය.
0713-161616 යන දුරකතන අංකය ඇමතීමෙන් මෙම වැඩමුළුවේ සහ අනාගත වැඩමුළු පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමටත් ඒවා සඳහා ලියාපදිංචි වීමටත් හැකි බව ඔවුන් කියයි.